සංගීතෙට වෙඩි තැබූ දෙකක් අල්ලයි


(ඉන්දිකා  රාමනායක)

ගාල්ල දඩල්ල  ප්‍රදේශ පැවැති  ඩී ජේ සංගීත ප්‍රසංගයක් අතරතුර වෙඩි තබා පුද්ගලයකු ඝාතනය කර , තවත් පුද්ගලයකුට තුවාල සිදුකිරීමේ සිද්ධියට  සම්බන්ධ සැකකරුවන් දෙදෙනකු ගාල්ල පියදිගම ප්‍රදේශයේදී  මනුෂ්‍ය ඝාතන හා සංවිධාන්මක  අපරාධ කොට්ඨාස  අද (22) අත්අඩංගුවට ඇති බව පොලිස් මුලස්ථානය පවසයි.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ සැකකරුවන් සතුව මිලිමීටර් 9 වර්ගයේ පිස්තෝලයක්, පතරොම් ගැබක් හා එම උණ්ඩ 03 ක් තිබු බව පොලිසිය පවසයි.

ඉකුත් අප්‍රේල් මස 15 දින දඩල්ලේ  පැවැති   සංගීතය අතරතුර සිදු වු වෙඩි තැබීමතින් (36) හැවිරිදි පුද්ගලයකු මියගොස්, තවත් (18) හැවිරිදි තරුණයකු තුවාල ලැබීය.

 මෙම ඝාතනය නීති  විරෝධී මත්පැන් පෙරීම සම්බන්ධයෙන්  පැවති ආරවුලක් මුල් කරගෙන  සිදුකර ඇති බවට පොලිසිය තොරතුරු හෙළි කරගෙන ඇත.

 සැකකරුවන් දෙදෙනා ගාල්ල හා ගිංතොට පදිංච වයස අව්රුදු 32,30 යන වයස්වල පසුවන්නන් බවත්, ඔවුන් හෙට (23) ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට  නියමිතව ඇත.